E   |     |  

 දිනය: 2024-04-25   පිළිතුර ලබා දී ඇත 

1749/ 2024 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1749/2024

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      වකුගඩු රෝගීන් සිටින පවුල්වල නිවාස අලුත්වැඩියා කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මූල්‍යමය ආධාරයක් ලබා දෙන්නේද;

                   (ii)      එම මූල්‍යමය ආධාරය කොපමණද;

                  (iii)      එම ආධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් කවරේද;

      (iv) ආධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත මූල්‍යමය ආධාරය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මේ වනවිට එම අධාරය ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

      (ii) සුදුසුකම් සපුරා ඇති සියලුම ඉල්ලුම්කරුවන්ට එම ආධාරය ලබා දෙන්නේද;

      (iii) එසේ නම් එම දිනය කවරේද;

      (iv) ස්ථිර නිවසක් නොමැති වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා නිවසක් ඉදිකර දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-04-25

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වකුගඩු රෝගීන්ගේ නිවාස අලුත්වැඩියා කිරීම: මූල්‍ය ආධාර වැඩසටහන

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks