E   |     |  

 දිනය: 2024-04-25   පිළිතුර ලබා දී ඇත 

1876/ 2024 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1876/2024

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසුවියන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඔවුන්ගේ සනීපාරක්ෂක තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඔවුන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබේද;

      (iii) එසේ නම්, එම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

      (iv) සියලු පාසල් සිසුවියන් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-04-25

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාසල් ශිෂ්‍යාවන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks