E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1909/ 2024 - ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1909/2024

       

      ගරු තිස්ස අත්තනායක මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       රත්මලාන ඩිපෝව මඟින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබූ ගල්කිස්ස ප්‍රධාන බස් නැවතුම්පළ, එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලපාන ලද හේතු කවරේද;

                   (ii)       එම ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා අත්පත් කර ගන්නා ලද ඉඩමේ මුල් අයිතිකරුගේ නම සහ ඉඩමේ පිඹුරුපත් අංකය කවරේද;

      (iii) එම ඉඩමේ විශාලත්වය කොපමණද;

      (iv) එම ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා භාවිතා කර තිබූ ඉඩමේ ප්‍රමාණය කොපමණද;

       (v) ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම අත්පත් කර ගන්නා ලද වර්ෂය කවරේද;

      (vi) මේ වනවිට ඉහත ඉඩම අයත් ආයතනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගල්කිස්ස බස් නැවතුම්පොළ: ඉවත් කිරීමට හේතු

පිළිතුරු දුන් දිනය

2024-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks