E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

1940/ 2024 - ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1940/2024

      ගරු මිලාන් ජයතිලක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමින් අලෙවි කර ඇති එම මණ්ඩලයේ ලොතරැයි පත් සංඛ්‍යාව සහ එමඟින් උපයා ඇති ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) වර්ෂ 2019 සිට මේ දක්වා එම ආදායමෙන් ජනාධිපති අරමුදලට, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට, භාණ්ඩාගාරයට සහ වෙනත් සුභසාධන කටයුතුවලට ලබා දී ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික ලොතරැයි මණ්ඩලය : ආදායම සහ ලබා දී ඇති මුදල්

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks