E   |     |  

 දිනය: 2024-05-13   පිළිතුර ලබා දී ඇත 

2007/ 2024 - ගරු මයන්ත දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2007/2024

      ගරු මයන්ත දිසානායක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි කුඹුරු පුරන්වීම, ආහාර නිෂ්පාදනය අඩුවීමට හේතු වී තිබෙන බව දන්නේද;

                   (ii)       පුරන් කුඹුරු  අස්වැද්දීම සඳහා යෝජනා කර ඇති වැඩපිළිවෙළ කවරේද;

      (iii) ගොවීන් වී ගොවිතැනින් ඉවත් වීම හේතුවෙන් කුඹුරු පුරන් වී ඇති බව පිළිගන්නේද;

      (iv) ගොවීන් වී ගොවිතැනින් ඉවත් වීම සඳහා බලපාන හේතු කවරේද;

      (v) එම හේතු සඳහා ලබා දී ඇති විසඳුම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වී ගොවිතැනට අදාළව අමාත්‍යාංශ මට්ටමින්, පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින් සිටින නිලධාරින්  සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේද;

      (iii) එසේ නම්, එම ප්‍රතිපත්තිය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුරන් කුඹුරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-05-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks