පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023/2024
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනේ දකුණ එරුවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහිලූර් ප්‍රදේශයේ, මහිලූර් මධ්‍යම බෙහෙත් ශාලාව ස්ථාපිත කර ඇති බවත්;
(ii) ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව පදිංචි වී සිටි ඉඩමක් අත්පත් කර ගෙන එම බෙහෙත් ශාලාව ස්ථාපිත කරන ලද බවත්;
(iii) එම ජනතාවට පදිංචි වීම සඳහා වෙනත් ස්ථානයක විකල්ප ඉඩම් ලබා දීමේදී පෙර පැවති ඉඩමට වඩා ප්‍රමාණයෙන් අඩු ඉඩමක් ඔවුන්ට ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, මේ සඳහා විසඳුමක් ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඕන්තාච්චිමඩම්, කුරුමන්වෙලි, මහිලූර්, එරුවිල් යන ගම්මානවල ජීවත්වන ජනතාව ප්‍රයෝජන ලබන එම බෙහෙත් ශාලාව සඳහා ස්ථිර වෛද්‍යවරයෙක්, ගිලන්රථ සේවා පහසුකම්, ප්‍රමාණවත් ඇඳන් සහ ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැති බව දන්නේද;
(ii) එසේ නම්, ඉහත සඳහන් අවශ්‍යතා සපුරාලීමට පියවර ගන්නේද;
(iii) එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
මඩකලපුව, මහිලූර් මධ්‍යම බෙහෙත්ශාලාව: පහසුකම් සැපයීම
පිළිතුරු දුන් දිනය
2024-05-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රමේෂ් පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks