E   |     |  

 දිනය: 2024-05-07   පිළිතුර ලබා දී ඇත 

2042/ 2024 - ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2042/2024

      ගරු ලලිත් එල්ලාවල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      රජයේ සේවයෙන් විශ්‍රාම ගැන‍‍්වීමෙන් පසු රජයේ සේවකයන්ට මාසික විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කිරීමට මාස දහයකට අධික කාලයක් ගතවන බවත්;

      (ii) එම ප්‍රමාදය හේතුවෙන් ඇතැම් රජයේ සේවකයන් සිය ප්‍රථම විශ්‍රාම වැටුප ලැබීමට පෙර මිය යන අවස්ථා ඇති බවත්;

      (iii) එම ප්‍රමාදය රජයේ සේවකයන්ට කරනු ලබන දැඩි අසාධාරණයක්  බවත්;

        එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) ඉහත සඳහන් ප්‍රමාදයට හේතු කවරේද;

      (ii) එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා  මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

      (iii) එම ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

      (iv) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-05-07

අසන ලද්දේ

ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්: විශ්‍රාම වැටුප් ගෙවීම

පිළිතුරු දුන් දිනය

2024-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks