පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2043/2024
ගරු ලලිත් එල්ලාවල මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල කොපමණද;
(ii) එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා විදේශ පරිත්‍යාග ලැබුණේද;
(iii) එසේ නම්, එම එක් එක් විදේශ පරිත්‍යාගයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කර තිබේද;
(ii) නොඑසේ නම්, එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා අදාළ ආයතනය තෝරා ගන්නා ලද ක්‍රමවේදය කවරේද;
(iii) ඉදිකිරීම් විදේශ ආයතනයක් විසින් සිදුකරන ලද්දේ නම්, එහි ශ්‍රී ලාංකික නියෝජිතායතනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැය කර ඇති රජයේ අරමුදල් ප්‍රමාණය කොපමණද;
(ii) එම අරමුදල් ලබා ගන්නා ලද ආයතන කවරේද;
(iii) එම ක්‍රීඩාංගණය විවෘත කරන ලද දිනයේ සිට මේ දක්වා එහි ආදායම සහ වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-13
අසන ලද්දේ
ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5
සූරියවැව, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම: වැයකර ඇති මුදල
පිළිතුරු දුන් දිනය
2024-05-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks