E   |     |  

 දිනය: 2024-05-07   පිළිතුර ලබා දී ඇත 

2055/ 2024 - ගරු වේලු කුමාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2055/2024

      ගරු වේලු කුමාර් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      යුනෙස්කෝ සංවිධානය විසින් මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට    පත් කර ඇති බවත්;

                  (ii)      ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන රාශියක් එම නගරයේ පිහිටා ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) මහනුවර නගරයේ පිහිටි ලෝක උරුමයන් ලෙස හඳුනාගෙන ඇති පූජනීය ස්ථාන සහ ගොඩනැගිලි කවරේද;

      (ii) ඒවා ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානය විසින් මූල්‍යාධාර ලබා දෙන්නේද;

      (iii) එසේ නම්, ලබා දෙනු ලබන වාර්ෂික මූල්‍යාධාරය කොපමණද;

      (iv) මහනුවර නගරයේ පිහිටි ලෝක උරුමයන් ලෙස හඳුනාගෙන ඇති පෞද්ගලික ගොඩනැගිලි කවරේද;

      (v) එම ගොඩනැගිලි හිමිකරුවන්ටද කිසියම් මූල්‍යාධාරයක් ලබා දෙන්නේද;

      (vi) එසේ නම්, එම මූල්‍යාධාරය කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ඉහත (ආ)(i)හි සඳහන් ස්ථාන ඒ අයුරින්ම පවත්වාගෙන යන්නේද;

      (ii) ඒවායේ වෙනස්කම් සිදු කිරීමට අවසර ලබා දී තිබේද;

      (iii) මහනුවර නගරය ලෝක උරුම නගරයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-05-07

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහනුවර ලෝක උරුම නගරය: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks