E   |     |  

 පිළිතුර ලබා දී නැත 

2056/ 2024 - ගරු වේලු කුමාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2056/2024

      ගරු වේලු කුමාර් මහතා,— අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       1992 වර්ෂයේදී රජයේ වතු ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද අවස්ථාව වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් බෝහිල් වතුයායේ තිබූ ඉඩම් කොටස් (Divisions) සංඛ්‍යාව කොපමණද;

      (ii) එම ඉඩම් කොටස්වල නම් කවරේද:

       

      (iii) ඉහත කොටස් අතරින් වර්ෂ 2015 වනවිට වගා නොකර අත්හැර දැමූ කොටස් පැවතියේද:

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වර්ෂ 1992 සිට 2015 දක්වා වූ කාලයේදී  ඉහත වතුයායේ ඉඩම් කොටස්/ගොඩනැගිලි බාහිර පුද්ගලයන්ට/පෞද්ගලික ආයතනවලට ලබා දී තිබේද;

      (ii) එසේ නම්,  එම එක් එක් පුද්ගලයාගේ/පෞද්ගලික ආයතනයේ නම සහ ලබා දෙන ලද ඉඩම්/ගොඩනැගිලි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඉහත (i)හි සඳහන් එක් එක් ඉඩම් කොටසේ/ගොඩනැගිල්ලේ පදිංචි වී සිටින පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද,

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-05-13

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks