බලන්න

E   |     |  

 දිනය: 2024-05-09   පිළිතුර ලබා දී ඇත 

2095/ 2024 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2095/2024

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ප්‍රතිඅපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඉස්සන් ආනයනය කිරීමට අවසර ලබා දී තිබේද;

                   (ii)       2023 වර්ෂයේ ප්‍රතිඅපනයනය කිරීම සඳහා ඉස්සන් ආනයනය කරන ලද සමාගම්, ඉස්සන් වර්ගය, ප්‍රමාණය, බර, ආනයනය කරන ලද රටවල් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනය කරන ලද ඉස්සන් දේශීය වෙළඳපළ වෙත මුදාහැරීම වැළැක්වීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද;

      (iv) ඉස්සන් ප්‍රතිඅපනයනය කිරීමෙන් රජයට ලැබෙන බදු වර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉස්සන් ප්‍රතිඅපනයනය කරනු ලබන සමාගම්වලට එරෙහිව විරෝධතා ඉදිරිපත් කර තිබේද;

      (ii) එසේ නම්, එම විරෝධතා සම්බන්ධයෙන් විමර්ශනය කර තිබේද;

      (iii) එසේ නම්, එම විමර්ශන වාර්තාව ඉදිරිපත් කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2024-05-09

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks