පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
152/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෙරවලපිටියේ පිහිටුවා ඇති කසල මඟින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයේ (Waste-to-Energy Power Plant) උත්පාදනය කරනු ලබන විදුලිය ඒකකයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවනු ලබන මිල කොපමණද;
(ii) එම බලාගාරය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම සඳහා දිනකට අවශ්‍ය වන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(iii) 2024 වර්ෂය තුළ එම බලාගාරය වෙත දෛනිකව සපයනු ලැබූ කසල ප්‍රමාණයේ සාමාන්‍ය අගය මෙට්‍රික් ටොන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත බලාගාරය සඳහා කසල සැපයීම සිදු කරනු ලබන පළාත් පාලන ආයතන කවරේද;
(ii) කසල දහනය කිරීමෙන් පසුව මේ වනවිට ඉහත බලාගාර පරිශ්‍රය තුළ එක්රැස් වී ඇති අළු ප්‍රමාණය කොපමණද;
(iii) බලාගාරයෙන් නිකුත් වන අළු පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) ඉහත බලාගාරය සඳහා 2023 වර්ෂයට අදාළව පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-19
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks