පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
153/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සුළං විදුලි බලාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම එක් එක් සුළං විදුලි බලාගාරයේ ධාරිතාවය (Installed Capacity) වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) වර්ෂ 2022 සිට 2024 දක්වා එම එක් එක් සුළං විදුලි බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලද බලශක්ති ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ශ්‍රී ලංකාව තුළ සුළං මඟින් විදුලි බලය උත්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-27
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks