E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0155/ 2025 - ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 155/2024

      ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)        (i)       ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි බලය සහ සූර්ය විදුලි බලය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දියාවේ අදානි සමාගම හෝ එහි උප සමාගමක් සමඟ ගිවිසුම්වලට එළැඹ තිබේද;

                     (ii)       එසේ නම්, එම ගිවිසුම ඉදිරිපත් කරන්නේද;

      (iii) එම ගිවිසුමේ මූලික අරමුණු කවරේද;

      (iv) තරගකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉහත සමාගමට ශ්‍රී ලංකාව තුළ විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලද පදනම කවරේද;

      (v) ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව “රජයක් සහ රජයක් අතර” (Government to Government) යන අර්ථයට ඉහත සඳහන් සමාගම අයත් නොවන බව පිළිගන්නේද;

      (vi) එම ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks