E   |     |  

 දිනය: 2025-03-14   පිළිතුර ලබා දී ඇත 

0190/ 2025 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 190/2024

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       විදුලි ගාස්තු සංශෝධනය කරන බව රජය විසින් විවිධ අවස්ථාවලදී ප්‍රකාශයට පත් කර තිබෙන බව දන්නේද;

                   (ii)       අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනය කරන ලද දිනය කවරේද;

                  (iii)       ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනය කරන්නේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

      (iv) විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් ගනු ලබන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් කරනු ලබන ප්‍රකාශය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      (v) විදුලි ගාස්තු තවදුරටත් සංශෝධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-14

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks