E   |     |  

 දිනය: 2025-04-08   පිළිතුර ලබා දී ඇත 

0276/ 2025 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 276/2024

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      සේවා නියුක්තිකයන් වෙනුවෙන් අලු‍තින් විවෘත කරනු ලබන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව ආර්ථික සංවර්ධනය නිරීක්ෂණය කිරීමේ මිණුම් ඒකකයක් වශයෙන් යොදා ගත හැකි බව දන්නේද;

      (ii) 2024 වර්ෂයේ නොවැම්බර් මාසය තුළදී අලුතෙන් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) 2024 වර්ෂයේ දෙසැම්බර් මස සිට සෑම මාසයකම අලුතින් විවෘත කරන ලද සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගොනු සංඛ්‍යාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;

      (iv) එසේ නම්, එම තොරතුරු මාසයේ කව‍ර දිනයකදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-04-08

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks