E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0294/ 2025 - ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 294/2024

      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)           (i)       නිරතුරුවම ගංවතුර ගැලීමේ අවදානම සහිත ගංගා සහ ඇළ දොළ කවරේද;

                   (ii)       ඒවායේ ගංවතුර පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති දේශීය හා විදේශීය ව්‍යාපෘති කවරේද;

        (iii) එම ව්‍යාපෘති සඳහා භාවිතා කර ඇති දේශීය අරමුදල් ප්‍රමාණය සහ විදේශීය අරමුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම ව්‍යාපෘති සඳහා අරමුදල් සපයා ඇති ආයතන කවරේද;  

      (v) ඉහත ව්‍යාපෘති අතර විවිධ බාධා හේතුවෙන් අසාර්ථක වී ඇති ව්‍යාපෘති තිබේද;

      (vi) එසේ නම්, එම ව්‍යාපෘති කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නො‍එසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-03-21

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks