පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
305/2024
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයට අයත් විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් විශ්වවිද්‍යාලයේ ඇති පීඨ සංඛ්‍යාව සහ එක් එක් පීඨයේ සිටින සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රජයේ විශ්වවිද්‍යාලයක එක් සිසුවෙකු සඳහා වැය කරන සාමාන්‍ය වාර්ෂික පිරිවැය සහ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(v) එක් එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එක් පෞද්ගලික විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු සඳහා වැය වන මුළු පිරිවැය සහ එක් එක් විෂය ක්ෂේත්‍රයට අනුව උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කිරීම සඳහා වැය වන මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ සිටින මහාචාර්යවරුන් සංඛ්‍යාව සහ මහාචාර්යවරුන්ගේ මුළු සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් රජයේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා වැය වන මුළු පිරිවැය කොපමණද;
(iii) ඉහත එක් එක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු සඳහා වැයවන මුළු පිරිවැය කොපමණද;
(iv) එක් එක් රජයේ විශ්වවිද්‍යාලයේ වත්කම්වල මුළු වටිනාකම කොපමණද;
(v) ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ඉහත එක් එක් විශ්වවිද්‍යාලයට හිමි ස්ථානය කවරේද;
යන්නත් එතුමිය වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks