පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
306/2024
ගරු රවී කරුණානායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල්වලින් (SLR) හා ඇමරිකානු ඩොලර්වලින් (USD) සහ එම කාලය තුළ වර්ධන වේගය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉදිරි වසර 5 සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය සහ වර්ධන අනුපාතයේ ප්‍රක්ෂේපණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පසුගිය වසර 20 තුළ අපනයනවල මුළු වටිනාකම ශ්‍රී ලංකා රුපියල් හා ඇමරිකානු ඩොලර් වලින් සහ එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන වෙළඳ භාණ්ඩ විස්ස කවරේද;
(v) පසුගිය වසර 10 තුළ සේවාවලින් ලැබුණු මුළු ආදායම ඇමරිකානු ඩොලර්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) ශ්‍රී ලංකාවට වැඩිම ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් උපයා දෙන ලද සේවා අංශ දහය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උපයන ලද ඇමරිකානු ඩොලර්වලින් කොපමණ ප්‍රමාණයක් විදේශයන්හි රඳවා තිබේද;
(ii) ඇමරිකානු ඩොලර් විදේශයන්හි රඳවා තැබිය හැකි නිල කාලය කොපමණද;
(iii) විනිමය පාලන නියමයන් උල්ලංඝනය කරමින් විදේශයන්හි මුදල් රඳවා තබා ගන්නා පුද්ගලයින්ට හෝ ආයතනවලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks