E   |     |  

 දිනය: 2025-02-21   පිළිතුර ලබා දී ඇත 

0384/ 2025 - ගරු වරුණ ලියනගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 384/2025

      ගරු වරුණ ලියනගේ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2017 වර්ෂයේ සිට මේ දක්වා විවිධ ස්වාභාවික ආපදා හේතුවෙන් හානි වූ ජීවිත, විනාශ වූ දේපළ සහ ව්‍යාපාර වෙනුවෙන් ගෙවූ වන්දි මුදල සහ ගෙවීමට ඇති හිඟ වන්දි මුදල එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ‍ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ආරම්භ කරන ලද රක්ෂණ ක්‍රමය, අංක 03/2016 දරන චක්‍රලේඛය මඟින් ස්ථාපිත කරන ලද අතර එය ආපදාවන්ට ලක් වූ ජනතාවට විශාල සහනයක් බව පිළිගන්නේද;

      (iii) අංක 01/2020 දරන චක්‍රලේඛය මඟින් රු. 10,000/=ට වැඩි වන්දි සඳහා  ඉඩමේ අයිතිය සනාථ කළ යුතු බව නියම කිරීම හේතුවෙන් විශාල පවුල් සංඛ්‍යාවකට වන්දි මුදල් නොලැබුණු බව දන්නේද;

      (iv) ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ පවුලකට වියළි සහ පිසූ ආහාර ලබා දීම සඳහා දිනකට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

      (v) ආපදා වන්දි තක්සේරු කිරීමේදී, 2020.09.09 දිනැති NBRO/FL/DA/IN/R5 චක්‍රලේඛය මඟින් නියම කරන ලද තක්සේරු වටිනාකම ප්‍රමාණවත් නොවන බැවින් තක්සේරු වටිනාකම වැඩි කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-02-21

අසන ලද්දේ

ගරු වරුණ ලියනගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks