E   |     |  

 දිනය: 2025-03-20   පිළිතුර ලබා දී ඇත 

0393/ 2025 - ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 393/2025

      ගරු චාමර සම්පත් දසනායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ජනාධිපති අරමුදල කාර්යාලය “ලේක් හවුස්” ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටුවා ඇති බව දන්නේද;

                   (ii)      මේ වනවිට එම කාර්යාලය ඉහත ගොඩනැගිල්ලෙන් ඉවත් කර වෙනත් ගොඩනැගිල්ලක ස්ථාන ගත කර තිබේද;

      (iii) එසේ නම්, එම කාර්යාලය ස්ථාපිත කර ඇත්තේ ‍රජයේ ගොඩනැගිල්ලකද; නොඑසේ නම්, පෞද්ගලික ගොඩනැගිල්ලකද;

       (iv) එම කාර්යාලය මුලින් තිබූ ස්ථානයේ පවත්වාගෙන යාම සඳහා දරන ලද මාසික වියදම කොපමණද;

      (v) එම කාර්යාලය වර්තමානයේ පවත්වාගෙන යනු ලබන ස්ථානයේ පවත්වාගෙන යාම සඳහා කුලිය සහ අනෙකුත් පහසුකම් වශයෙන් දරන මාසික වියදම කොපමණද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-20

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks