E   |     |  

 දිනය: 2025-02-21   පිළිතුර ලබා දී ඇත 

0420/ 2025 - ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 420/2025

      ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

                      (ii)     ඒ අතරින් වනඅලින්ට ජීවත් වීම සඳහා සුදුසු වාතාවරණයක් සහිත වනාන්තර ප්‍රමාණය අක්කරවලින් ‍කොපමණද;

      (iii) එම වනාන්තරවල ජීවත්වන වනඅලින් සංඛ‍්‍යාව කොපමණද;

      (iv) වනඅලින් විසින් මිනිසුන් සහ ඔවුන්ගේ දේපළ විනාශ කරන බව දන්නේද;

      (v) වර්ෂ 2020 සිට 2024 දක්වා වනඅලි ප්‍රහාරය‍න්ට ලක්වූ පුද්ගල‍‍යන් සංඛ්‍යාව, එම ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගල‍‍යන් සංඛ්‍යාව සහ අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මිය ගිය වනඅලින් සංඛ‍්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වන ඝනත්වයට ඔරොත්තු නොදෙන වනඅලි ගහණයක් සිටින බව දන්නේද; ‍

      (ii) වන ඝනත්වයට උචිත පරිදි වනඅලි ගහණය පාලනය කිරීමට සිදුව තිබේද;

      (iii) එසේ නම්, ඒ සඳහා පවතින යාන්ත්‍රණ කවරේද;

      (iv) ඒවා  ඉදිරියේදී ක්‍රියාත්ම‍ක කරන්නේද;

      (v) එසේ නම්, වනඅලින් සිදු කරනු ලබන විනාශය පාලනය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තිබේද;

      යන්නත් එතුමා මෙ‍ම සභාව‍ට දන්වන්නෙහිද?‍

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-02-21

අසන ලද්දේ

ගරු ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks