පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
432/2025
ගරු අජිත් ගිහාන් මහතා, — පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නීත්‍යානුකූල බලපත්‍ර මත සිදු කරනු ලබන වැලි, බොරලු, පස් සහ වැව් කැනීම් ප්‍රමිතියෙන් තොරව සිදු කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල පරිසර විනාශයක් සිදු වන බව දන්නේද;
(ii) එම කැනීම් නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන්නේද;
(iii) වැලි, බොරලු, පස් සහ වැව් කැනීම සඳහා සහ ඒවාට ප්‍රවාහන බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වයඹ පළාතේ විශාල පරිසර විනාශයක් සිදු කරමින් පවතින තත්ත්වයක් තුළ වයඹ පළාත් පරිසර අධිකාරියේ මැදිහත්වීම කවරේද;
(ii) එම අධිකාරියේ වගකීම කවරේද;
(iii) වයඹ පළාත් පරිසර අධිකාරිය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-28
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks