E   |     |  

 දිනය: 2025-02-22   පිළිතුර ලබා දී ඇත 

0438/ 2025 - ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 438/2025

      ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

       

                   (ii)       එම ප්‍රමාණය එක් එක් ග්‍රාම නිලධාරි වසම අනුව අක්කරවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම ඉඩම් අතරින් දෙවන පාර්ශ්ව වෙත ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය අක්කරවලින් කොපමණද;

      (iv) එම ඉඩම් ලබා දී ඇති දෙවන පාර්ශ්වයේ නම, එම එක් එක් පාර්ශ්වයට ඉඩම් ලබාදී ඇති ග්‍රාම නිලධාරි වසම සහ ඉඩම් ලබා දී ඇති පදනම වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-02-22

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks