පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
449/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු මෝදර සහ මාලිගාවත්ත පිහිටි ප්‍රදීපා ශාලා වසර 30ක කාලයක් සඳහා බදු පදනම මත දේශපාලන හිතවතුන්ට ලබාදී තිබේද;
(ii) ඒවා බදු පදනම මත ලබා දීමට පෙර රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් ඒවායේ තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;
(iii) එසේ නම්, එම එක් එක් ප්‍රදීපා ශාලාවේ තක්සේරු වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත ප්‍රදීපා ශාලා බදු දීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ, මත්තෙගොඩ නිවාස සංකීර්ණයේ, බෞද්ධ මන්දිරයට යාබදව පිහිටි පර්චස් 116ක් විශාලත්වයෙන් යුතු ඉඩමේ පර්චසයක් රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදී තිබේද;
(ii) එම ඉඩම් කොටස් ලබා දී ඇත්තේ කවුරුන් වෙතද;
(iii) ඒවා නිවාස සෑදීමේ අරමුණ සඳහා ලබාදී තිබේද;
(iv) ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගෙන් තක්සේරු වටිනාකම ලබා ගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-24
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks