පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
484/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් ඉගැන්වීම් කටයුතුවලට නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මුස්ලිම් දේවස්ථානවල සේවය කරන ඉමාම්වරුන්ට සහ මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා ගැනීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් ඔවුන් විසින් ඉටු කරනු ලබන කටයුතු සඳහා නිසි පුහුණුවීම් ලබාගැනීමේ හැකියාවක් නොමැති බවත්;
යන්නත් එතුමා දන්නෙහිද?
(ඇ) අරාබි විදුහල්වල සේවය කරනු ලබන ගුරුවරුන්ට සහ මුස්ලිම් දේවස්ථානවල සේවය කරනු ලබන ඉමාම්වරුන්ට හා මුඅද්දීන්වරුන්ට විධිමත් පුහුණුවක් ලබා දීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-09
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks