පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
491/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිල්වලා ගඟේ ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් පැන නැගී ඇති සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස 2024.11.08 සිට 2025.01.14 දක්වා වූ කාලය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ ජල සම්පත් මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබේද;
(ii) එසේ නම්, ඉහත ඉල්ලීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් තාක්ෂණික කමිටුවක් පත් කර තිබේද;
(iii) එසේ නම්, එහි සාමාජිකයන් කවුරුන්ද;
(iv) මේ වනවිට එම කමිටුවේ කටයුතුවල ප්‍රගතිය කවරේද;
(v) එම කමිටුවේ වාර්තාව ලබා දෙනු ලබන දිනය කවරේද;
(vi) ඉහත කමිටුව මේ දක්වා පත් කර නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-05
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නිල්වලා ගඟේ ලවණ බාධකයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස කරන ලද ඉල්ලීම: ප්‍රගතිය
පිළිතුරු දුන් දිනය
2025-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුසිල් රණසිංහ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks