E   |     |  

 දිනය: 2025-04-09   පිළිතුර ලබා දී ඇත 

0497/ 2025 - ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 497/2025

      ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එම සංස්කෘතික මධ්‍යස්ථානවලින් සිදු කරනු ලබන ප්‍රධානතම කාර්යභාරය කවරේද;

      (iii) පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තු යටතේ ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;

      (iv) එම කලායතනවල කාර්යභාරය කවරේද;

       

      (v) ලියාපදිංචි කර ඇති එහෙත් මේ වනවිට සක්‍රිය තත්ත්වයේ නොපවතින කලායතන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) 2024 වර්ෂයේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් පවත්වන ලද වාර්ෂික සාහිත්‍ය උළෙල සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල කොපමණද;

      (ii) සාහිත්‍ය උළෙල සඳහා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම මුදල ප්‍රමාණවත් වන්නේද;

      (iv) නොඑසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?  

       

අසන ලද දිනය

2025-04-09

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks