පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
507/2025
ගරු දිනේෂ් හේමන්ත මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති විදුලි අලිවැට ආරක්ෂා කිරීම සඳහා බඳවාගෙන ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් අතරින් මේ වනවිට සේවයේ ස්ථිර කර ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනතෙක් සේවයේ ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් තිබේද;
(iv) නොඑසේ නම්, ඔවුන් සේවයේ ස්ථිර නොකිරීමට හේතු කවරේද;
(v) සේවය ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයින්ගේ සේවය ස්ථිර කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද;
(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-19
අසන ලද්දේ
ගරු දිනේෂ් හේමන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks