E   |     |  

 දිනය: 2025-03-19   පිළිතුර ලබා දී ඇත 

0511/ 2025 - ගරු සුජීව දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 511/2025

       

      ගරු සුජීව දිසානායක මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති රජයේ ක්‍රීඩා සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;

                  (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ක්‍රීඩා සංකීර්ණයක් පිහිටුවා තිබේද;

                 (iii)       එසේ නම්, එය ස්ථාපිත කර ඇති ස්ථානය කවරේද;

      (iv) එම ක්‍රීඩා සංකීර්ණය පළමුව ඉදිකිරීමට යෝජිතව තිබූ ස්ථානය කවරේද;

      (v) එය වෙනත් ස්ථානයක ඉදිකිරීමට කටයුතු කරනු ලැබුවේද;

      (vi) එසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් සැපයීමට නියමිතව තිබූ ක්‍රීඩා කවරේද;

      (ii) එම ක්‍රීඩා සංකීර්ණයේ මේ වනවිට පහසුකම් සපයා ඇති ක්‍රීඩා කවරේද;

      (iii) එම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල කොපමණද;

       (iv) එම ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට කටයුතු කරන්නේද;

      (v) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-03-19

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks