පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
541/2025
ගරු හර්ෂණ රාජකරුණා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පිළිකා රෝගීන් සඳහා ලබා දෙනු ලබන Anastrazole නැමැති ඖෂධය ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් මහරගම, ජාතික පිළිකා ආයතනයේ නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් එම ආයතනයට දෛනිකව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වන අතර ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ, මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහල මේ වනතෙක් දිවා රාත්‍රී රෝගී සත්කාරක සේවාවන් පවත්වා ගෙන ගිය නමුත් අනුප්‍රාප්තිකයන් රහිතව වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්ථාන මාරු කිරීම හේතුවෙන් එම සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යාමට දුෂ්කරවී ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් එම රෝහලෙන් සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ඈ) මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks