E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0543/ 2025 - ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 543/2025

      ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන්  ඇසීමට,—

      (අ)         (i)       කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කර ඇති මුළු උපදේශකයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් උපදේශකයාගේ නම, පත් කරන ලද දිනය, අධ්‍යාපන සුදුසුකම්, ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා, පෙර සේවය කරන ලද ස්ථාන හා දරන ලද තනතුරු, ඔහුට/ඇයට වාහන ලබාදී තිබේ නම් වාහනයේ අංකය, වාහනයේ වර්ගය, වාහනය වෙනුවෙන් ලබා දෙන මාසික ඉන්ධන  දීමනාව,  ඔහුට/ඇයට කාර්යාලයක් ලබාදී තිබේ නම් එම කාර්යාලය පිහිටි ස්ථානය සහ එම කාර්යාලය සඳහා ගෙවනු ලබන මාසික කුලිය එක් එක් අමාත්‍යාංශය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks