E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0572/ 2025 - ගරු අතුල වෙළඳගොඩ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 572/2025

      ගරු අතුල වෙළඳගොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)      හම්බන්තොට, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, සූරියවැව සහ අම්බලන්තොට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පවතින අලි කළමනාකරණ රක්ෂිත භූමිය තුළ අනවසර ඉදිකිරීම් හා වගාවන් ඇති බවත්;

      (ii) එය  වනඅලින්ගේ ජීවන පැවැත්මට විශාල බාධාවක් බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) එම අනවසර ඉදිකිරීම් හා වගාවන් කවරේද;

      (ii) ඉහත සඳහන් අනවසර ඉදිකිරීම් හා වගාවන් සම්බන්ධයෙන් ගනු ලබන  කෙටි කාලීන හා දිගු කාලීන පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;

       

      (iii) ඉහත සඳහන් අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් පිටත ඇති ජනාවාස හා වගාබිම්වලට වනඅලි කඩාවැදීම හේතුවෙන් සිදු වන ජීවිත හා වගා හානි උච්චස්ථානයට පැමිණ ඇති බව දන්නේද;

      (iv) එසේ නම්, ඒ හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව සහ වනඅලින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු අතුල වෙළඳගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks