පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
581/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) රජයේ රෝහල් වර්ගීකරණය අනුව එක් එක් වර්ගයේ රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මාතර දිස්ත්‍රික්කය තුළ ඇති එම එක් එක් වර්ගයේ රෝහල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මාතර දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම මධ්‍යස්ථාන සඳහා ලෝක බැංකු ණය මඟින් හෝ වෙනත් ආකාරයකින් හදිසි ප්‍රතිකාර ඒකක (ETU) 18ක් මිලදී ගෙන තිබේද;
(iii) එසේ නම්, එම වර්ෂය කවරේද;
(iv) ඒ වනවිට රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා කවුරුන්ද;
(v) එම ඒකක මේ දක්වාත් හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වාගෙන නොයන්නේ නම්, ඒ සඳහා ඇති බාධාව කවරේද;
(vi) එම ඒකක, හදිසි ප්‍රතිකාර ඒකක ලෙස පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ඉදිරි පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks