E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0625/ 2025 - ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 625/2025

      ගරු කිංස් නෙල්සන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)       ජාතික පාසල්වල සහ පළාත් සභා පාසල්වල මේ වනවිට සේවය කරනු ලබන කම්කරුවන් සංඛ්‍යාව, එම පාසැල් සඳහා අනුමත කම්කරුවන් සංඛ්‍යාව සහ එම පාසැල්වල මේ වනවිට පවතින කම්කරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ජාතික පාසැල්වල කම්කරුවන් අතිරික්තයක් පවතින විට පළාත් සභා පාසැල්වල කම්කරු පුරප්පාඩු පැවතීමට හේතු කවරේද;

      (iii) රජයේ පාසැල් පද්ධතිය තුළ කම්කරුවන් නිසි පරිදි ස්ථානගත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-10-10

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks