E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0638/ 2025 - ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 638/2025

      ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ලංකා ධීවර සංස්ථාව ධීවරයන්ගෙන් මිලදී ගන්නා ලද මාළු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       එම මාළු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුලු මාළු අස්වැන්නේ ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) මාළු මිලදී ගැනීම සඳහා සහ මාළු මිල ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා ලංකා ධීවර සංස්ථාවේ මැදිහත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks