E   |     |  

 දිනය: 2013-05-22   පිළිතුර ලබා දී ඇත 

2718/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2718/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

       (අ)         (i)       2009, 2010 සහ 2011 යන වර්ෂවල සහ 2012 වර්ෂයේ සිට අද දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් සංචිත වෙන් වෙන් වශයෙන් කවරේද;

                   (ii)       එක් එක් වර්ෂය ආරම්භයේදී සැලසුම් කරන ලද පරිදි එකී අය-වැය ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි වී තිබේද;

      (iii) එසේ නම්, එම තත්ත්වයට හේතු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) ක්‍රිකට් තරඟවල විකාශන අයිතීන් අලෙවිකිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2009, 2010, 2011 සහ 2012 වර්ෂවලදී ඉපැයූ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-05-22

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය : මුදල් සංචිත

පිළිතුරු දුන් දිනය

2014-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks