පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
847/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එලෙස ඉඩම් ලබාදී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කිරීමේ නෛතික පදනම කවරේද;
(v) එලෙස බැහැර කරන ලද ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීමට හෝ පැවරීමට හැකියාවක් තිබේද;
(vi) විශේෂ වරප්‍රසාද යටතේ ලැබුණු ඉඩම් අතරින් වෙනත් පාර්ශ්ව වෙත විකුණා හෝ පවරා ඇති ඉඩම් සංඛ්‍යාව කොපමණද;
(vii) එම ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීම හෝ පැවරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-09
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks