E   |     |  

 දිනය: 2025-09-12   පිළිතුර ලබා දී ඇත 

0870/ 2025 - ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 870/2025

      ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරන ලද දිනය කවරේද;

                   (ii)       එය ආරම්භ කිරීමේ අරමුණ කවරේද;

                  (iii)       එම සභාව යටතේ ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

                  (iv)       එම ආයතන කවරේද;

      (v) ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (vi) එම පුහුණු මධ්‍යස්ථාන මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වර්ෂ 2020 සිට 2024 දක්වා ජාතික තරුණ සේවා සභාවට අයත් ආයතනවල අලුතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

      (ii) එම ගොඩනැගිලි අතරින් සමහර ගොඩනැගිලිවල මේ වනතෙක් වැඩ අවසන් කර නොමැති බව දන්නේද;

      (iii) එසේ නම්, එම ගොඩනැගිලි සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-12

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ කටයුතු සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks