E   |     |  

 දිනය: 2025-05-08   පිළිතුර ලබා දී ඇත 

0873/ 2025 - ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 873/2025

      ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       වර්ෂ 2015 සිට 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවති දින දක්වා මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

      (ii) ඉහත කාල සීමාව තුළ එක් එක් මුදල් අමාත්‍යවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

      (iii) ඉහත කාල සීමාව තුළ එක් එක් ජනාධිපතිවරයා යටතේ මුද්‍රණය කරන ලද මුදල්වල වටිනාකම වෙන් වෙන් වශයෙන් රුපියල්වලින් කොපමණද;

      (iv) ඉහත කාල සීමාව තුළට අයත් වන යම් කාල වකවානුවක පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර තිබේද;

      (v) පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කිරීමේ අහිතකර බලපෑම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-05-08

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks