E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0880/ 2025 - ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 880/2025

      ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       2019.01.01 සිට 2025.03.31 දක්වා මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම්  කවරේද;

      (ii) පැවති රජයේ විශේෂ වැඩසටහනක් යටතේ ඉහත කාලය තුළ එම පුද්ගලයන්ට ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබාදී තිබේද;

      (iii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

      (iv) ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා අයදුම් කරන ලද ඉහත පුද්ගලයන් අතරින් සමහර පුද්ගලයන්ට එම ඔප්පු ලබාදී නොමැති බව දන්නේද;

      (v) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;

      (vi) ඔවුන්ට මේ දක්වා ‘උරුමය’ සින්නක්කර ඔප්පු ලබා නොදීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks