E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1009/ 2025 - ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1009/2025

      ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)    (i)            මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රජය විසින් මූල්‍ය වන්දි, වෛද්‍ය ආධාර හෝ පුනරුත්ථාපන වැඩසටහන් වැනි නිශ්චිත ස්වරූපයේ ආධාර හඳුන්වාදී හෝ හඳුන්වා දීමට අදහස් කර තිබේද;

               (ii) මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී සිද්ධීන් ඇතිවූ දිස්ත්‍රික්ක හෝ පළාත් තුළ, එවැනි ආධාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ වත්මන් තත්ත්වය කවරේද;

               (iii) එවැනි වින්දිතයින්ට නිසි කලට සහයෝගය සහ දිගු කාලීන සහාය ලබා දීම සහතික කිරීම සඳහා, පළාත් සභා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත කිසියම් චක්‍රලේඛ, මාර්ගෝපදේශ හෝ ප්‍රතිපත්ති රාමු නිකුත් කර තිබේද;

         යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks