E   |     |  

 දිනය: 2025-08-19   පිළිතුර ලබා දී ඇත 

1083/ 2025 - ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1083/2025

      ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වන්නි ප්‍රදේශයේ සිදු කරනු ලබන ගල් කැඩීමේ සහ පස් කැපීමේ කටයුතු සඳහා පළාත් සභා පරිපාලනයට අයත් කිසිදු ආයතනයකින් අවසර නොගෙන ඍජුවම මධ්‍යම රජයේ ආයතනවලින් අනුමතිය ලබා ගන්නා බවත්;

        (ii)  එම ක්‍රියාවලියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන සම්බන්ධ වන බවත්;

        (iii)  කැනීම් කරන ඛනිජ සම්පත් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා මාර්ග පළාත් පාලන ආයතනවල පරිපාලනයට අයත් වන අවස්ථාවලදී පමණක් අදාළ පළාත් පාලන ආයතනයේ අනුමතිය ලබා ගන්නා බවත්;

        (iv)  ඒ අනුව, උතුරු පළාතේ සම්පත් පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල අනුමතියකින් තොරව පිට පළාත්වලට ගෙන යන බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

       

      (ආ)  (i)  පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල අනුමතියකින් තොරව උතුරු පළාතේ සම්පත් පිට පළාත්වලට ගෙන යාමට ඉඩ දෙන්නේද;

        (ii)  මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන විකල්ප වැඩපිළිවෙළ කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-08-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks