E   |     |  

 දිනය: 2025-09-23   පිළිතුර ලබා දී ඇත 

1111/ 2025 - ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1111/2025

      ගරු තුරෛරාසා රවිකරන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

      (අ)     (i)    මුලතිව් දිස්ත්‍රික් මහා රෝහලේ ස්ත්‍රී සහ පුරුෂ ‍රෝගී වාට්ටු සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නොමැති අතර එම වාට්ටු තාවකාලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන බවත්;

                   (ii)       ඉන්දීය රජයේ ආධාර මත එම වාට්ටු සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට වර්ෂ 2017-2018 කාල වකවානුවේදී සැලසුම් කිරීම ආරම්භ කරන ලද බවත්;

      (iii) 2024 වර්ෂයේදී ඊට අදාළ පාංශු පරීක්ෂණය සිදු කරන ලද බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මේ වනතෙක් ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ නොකිරීමට හේතු;

      (ii) ඉහත සැලසුම මේ වනවිටත් බලපවත්වන්නේ නම්, එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය;

       

      (iii) ඉහත ගොඩනැගිල්ල ඉදිකිරීම අත්හිටුවා හෝ අවලංගු කර තිබේ නම්, ඊට හේතු;

      කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම් ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-23

අසන ලද්දේ

ගරු තුරෛරාසා රවිකරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks