පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1120/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා 1999 දී බඳවාගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ස්ථිර කරන ලද දිනය කවරේද;
(iii) එම ස්ථිර කිරීම සඳහා උපදෙස්/චක්‍රලේඛය නිකුත් කරන ලද ආයතනය කවරේද;
(iv) එහිදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය කවරේද;
(v) එම උපදෙස් ලිපියේ/චක්‍රලේඛයේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත උපාධිධාරින් අතරින් ස්ථිර කරන ලද සංඛ්‍යාව, එක් එක් රේඛීය අමාත්‍යාංශය, පළාත් සභා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව සහ ආයතනය අනුව සහ එක් එක් තනතුරු කාණ්ඩ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් තනතුරු කාණ්ඩ සඳහා අදාළ ආරම්භක වැටුප, වැටුප් පරිමාණය සහ වැටුප් කේත අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ස්ථිර කිරීමෙන් පසුව ඉහත උපාධිධාරින් සඳහා සේවා ව්‍යවස්ථා/බඳවාගැනීමේ පටිපාටි සකස් කර තිබේද;
(iv) එසේ නම්, ඒවා සකස් කරන ලද වර්ෂය කවරේද;
(v) ඒවායේ පිටපත් ඉදිරිපත් කරන්නේද;
(vi) සේවා ව්‍යවස්ථා/බඳවාගැනීමේ පටිපාටි සකස් කර නොමැති නම්, ඊට හේතු කවරේද;
(vii) සේවා ව්‍යවස්ථා අනුව උසස් කිරීමේ ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks