පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1122/2025
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරනු ලබන සිවිල් සේවකයන් සහ සේවිකාවන් සංඛ්‍යාව යුධ, ගුවන් සහ නාවික අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඔවුන් නියැලී සිටින වෘත්තීන් කවරේද;
(iii) ඔවුන් අතරින් සේවය ස්ථිර කර ඇති සිවිල් සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) තාවකාලික පදනම මත මේ වනවිට සේවය කරනු ලබන සිවිල් සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(v) තාවකාලික පදනම මත සේවය කරන ලද සිවිල් සේවකයන් අවසන් වතාවට ස්ථිර කරන ලද වර්ෂය කවරේද;
(vi) තාවකාලික පදනම මත මේ වනවිට සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කරන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(viii) තාවකාලික පදනම මත සේවය කරනු ලබන සිවිල් සේවකයන් ස්ථිර කිරීමට අදාළ ක්‍රියාපටිපාටිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට ත්‍රිවිධ හමුදාවල සිවිල් සේවක පුරප්පාඩු තිබේද;
(ii) එම පුරප්පාඩු පිරවීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-11
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks