E   |     |  

 පිළිතුර ලබා දී නැත 

1236/ 2025 - ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1236/2025

      ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       (i)       මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය සභාවට අයත්, වේප්පම්කුලම් සිට සිලාවතුරෛ දක්වා වූ අභ්‍යන්තර මාර්ගය 2010 වර්ෂයේදී එවකට නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යාංශය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බව දන්නේද;

      (ii) ඉහත මාර්ගයේ දුර කොපමණද;

      (iii) එම මාර්ගය කුමන ගම්මානයක් ඔස්සේ දිවෙන්නේද;

      (iv) එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලද දිනය සහ අවසන් කරන ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව සමාගම සමඟ එළඹි ගිවිසුමේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;

      (ii) ගිවිසුමට එළඹෙන අවස්ථාව වනවිට සමාගමේ හිමිකරුවන් කවුරුන්ද;

       

      (iii) එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සමාගමට වෙන් කරන ලද මුදල කොපමණද;

        (iv) ඉහත මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්, ඒ සඳහා වංචා සහගත ලෙස මුදල් ලබා ගෙන ඇති බවත් දන්නේද;

      (v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-09-09

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks