පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1241/2025
ගරු තිළිණ සමරකෝන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩම්, වාර්ෂික හෝ දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදී තිබේද;
(ii) ඉපලෝගම සහ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉඩම්, සංවර්ධනය කිරීමට බදු පදනම මත ලබාදී තිබේද;
(iii) එසේ නම්, එම ඉඩම් ප්‍රමාණය සහ ඒවා ලබාදී ඇති කාල සීමාවන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අංක 519-ඉහලකාගම, අංක 621-ඉහලගම සහ අංක 618-කරඹවත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල බදු පදනම මත ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒ සඳහා බදු ගිවිසුම් අත්සන් කර තිබේද;
(iii) එසේ නම්, අදාළ පාර්ශ්වයන් කවරේද;
(iv) එම එක් එක් ඉඩමේ විශාලත්වය සහ බදු කාල සීමාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම ඉඩම් සංවර්ධනය කර තිබේද;
(vi) සංවර්ධනය නොකරන ලද ඉඩම් නැවත පවරා ගෙන තිබේද;
(vii) ඉහත ඉඩම් අතුරු බදු ලබාදී තිබේද;
(viii) ඉහත ඉඩම් වටා අලිවැට ඉදිකර ඇති බව දන්නේද;
(ix) ඒ සඳහා අවසර ලබා ගෙන තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු තිළිණ සමරකෝන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks