පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1250/2025
ගරු නන්ද බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(ii) එම ඉඩම් අතරින් මේ වනවිට කර්මාන්ත සඳහා ලබාදී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම එක් එක් ඉඩම ලබාදී ඇති පුද්ගලයාගේ නම සහ ලබාදී ඇති වර්ෂය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් මේ දක්වා කිසිදු සංවර්ධන කටයුත්තකට භාවිතා කර නොමැති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;
(v) ඉහත (i)හි සඳහන් ඉඩම් අතරින් විකල්ප ඉඩම් බෙදාදී තිබේද;
(vi) එම විකල්ප ඉඩම් ලබා ගත් පුද්ගලයන්ගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-09
අසන ලද්දේ
ගරු නන්ද බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks