E   |     |  

 දිනය: 2025-10-08   පිළිතුර ලබා දී ඇත 

1271/ 2025 - ගරු සුදත් බලගල්ල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1271/2025

      ගරු සුදත් බලගල්ල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       මහියංගනය ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලැබූ සතිපොළ ඉවත් කර එම ස්ථානයේ වෙළෙඳ සංකීර්‌ණයක් ඉදිකර ඇති බව දන්නේද;

                   (ii)       එම වෙළෙඳ සංකීර්‌ණය ඉදිකිරීමට හේතු පාදකවූ කරුණු කවරේද;

      (iii) එම වෙළෙඳ සංකීර්‌ණයේ වෙළෙඳ කුටි බෙදා දෙනු ලැබූ පදනම කවරේද;

      (iv) එම වෙළෙඳ කුටි ලබා ගත් එක් එක් පුද්ගලයාගේ නම, ලබා ගෙන ඇති වෙළෙඳ කුටි සංඛ්‍යාව සහ ප්‍රාදේශීය සභාවට ගෙවනු ලබන මාසික කුලිය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) වෙළෙඳ කුටි ලබා ගත් පුද්ගලයන් සමඟ එළඹ ඇති ගිවිසුම අනුව එම වෙළෙඳ සංකීර්ණයේ පූර්‌ණ අයිතිය අදාළ ප්‍රාදේශීය සභාවට අයත් වන දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-10-08

අසන ලද්දේ

ගරු සුදත් බලගල්ල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks